iranama
සුව සෙත සලසන පිරමිඩ ශක්තිය
ජාත්‍යන්තර කීර්තියට පත් ඉන්දියානු මහාචාර්ය ජිතේන් බට් මැතිතුමාගේ පිරමිඩ් යාන්ත්‍රණය ගැන පැවැත්වුණු දේශනයට ඊයේ දවස පුරා සවන් දුන්නෙමි. විශ්ව ශක්තිය නම් වචන දෙක මේ වනවිට ඔබත්, මමත් බොහෝ සේ අසා ඇතිවාට සැකයක් නැත. එහෙත් මේ විශ්ව ශක්තිය යනු මට අත්දකින්නට ලැබුණු දෙයක් නොවීය. එහෙයින්ම මා ඒ ගැන විශ්වාස කරන්නේ කෙසේද? සත්‍ය යෑයි නොදුටු කිසිවක් මම විශ්වාස නොකරමි.
ඉන්දියානු ජාතික ගුරුතුමා වාස්තු ශාස්ත්‍රය හා විශ්ව ශක්තිය ගැන බොහෝ දේ මුළු දිනය පුරා පැවැසීය. මෙවැනි න්‍යායාත්මක දෙසුමක් රසවත් වන්නේ අඩුවෙන් බව නොකිවමනාය. "හෙට ඔබට මේ කියන දේ ඇස්පනාපිටම දැනගන්නට හැකිවේවි"යි පාඨමාලාවේ සංවිධායකතුමා අපට දන්වා තිබුණි.
විශ්ව ශක්තිය ගලන්නේ ඊශාන දිශාවෙන් බව ලංකාවේ සිංහල පුවත්පත්වල හා විවිධ මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබේ. එබැවින් ඉඩමේ ඊශාන දිශාව හිස්ව තැබිය යුතුය. ඊශාන පැත්ත ගොඩනැඟිල්ලේද උස අඩුවිය යුතුය. උස විශාල ගස් නොවැවිය යුතුය. ඒ විශ්ව ශක්තිය ගෘහය තුළට ගලා ඒමට ඉඩ සලසනු පිණිසය. එහෙත් අප එය දැක නැත. එසේ නමුත් මේ ජනප්‍රිය ප්‍රසිද්ධ වාස්තු නියමයකි.
"මෙය අතට ගන්න."
ගුරුතුමා අප අතට පත් කළේ කුඩා දන්වැලකින් අමුණන ලද පෙන්ඩියුලමයකි. (ඡෑභෘඹඛඹඵ) මේ වනවිට අපගේ දැතේ ඇඟිලි හා යටි පතුලට භාවිත කිරීම පිණිස ව්‍යායාම උපකරණ ලබාදී ඒවා පුහුණුකර තිබුණි. පෙන්ඩියුලමය භාවිතා කරන ආකාරය පුහුණු කරන ලදී. එය සරලය. දකුණු අතේ මහපටඟීල්ල හා දබර ඇඟිල්ල දම්වැල මුලින් අල්ලාගත් පසුව ලඹයක් මෙන් පෙන්ඩියුලම් එක පහතට එල්ලී පවතී.
"මගේ ධන දිශාව පෙන්වන්න."
උපදෙස් පරිදි මම දකුණතින් අල්ලාගත් උපකරණයට කීවෙමි. එය එක්තරා දිශාවකට චලනය වන්නට විය.
"චලනය වන දිශාව මතක තබා ගන්න."
ගුරුතුමා එසේ කීවේය. දැන් "සෘණ දිශාව පෙන්වන්න කියන්න" ගුරුතුමාගේ කීම පරිදි මම උපකරණයට කීවෙමි. පුදුමයකි. එය විරුද්ධ අතට චලනය වෙන්නට විය. ධන දිශාවට විරුද්ධ අතට සෘණ දිශාව පෙන්වන විට මේ දිශා දෙකම ගැන මතකයේ රඳවා ගන්නා ලෙස ගුරුතුමා උපදෙස් දුන්නේය. එතැන් සිට කරන ලද අභ්‍යාසවලින් දුටු දේ පුදුම එළවනසුලුය. එය හරියටම අනාවැකි කියන පුද්ගලයකු මෙන් ක්‍රියා කළේය.
එක්තරා පාටකින් තිබූ කාසියක් වැනි දෙයක් අපට නොපෙනෙනසේ කුඩා කෝප්පයකින් වසා තබන ලදී. තවත් ඊට සමාන කෝප්ප කිහිපයක්ම තබා තිබුණි. කාසිය ඇති කෝප්පය කෝකදැයි අසනවිට හරියමට නිවැරැදිව ධන දිශාව පෙන්වීමට උපකරණය ක්‍රියාකළේය. කාඩ් කුට්ටමේ නියමිතකාට් එකක් තවත් කාඩ් හරතක් සමඟ
Wmqgd .ekSu